Internet Banking වල මූලිකයා විදියට සලකන Payza ගැන ඔයාලට විස්තර කරන්නයි මම මේ සූදානම් වෙන්නෙ. Payza හි ගිණුමක් ආරම්භ කලාට පස්සෙ ඔයා එක එක site වල උපයන මුදල් Payza වලට ගෙන්න ගෙන එතනින් ඔයාගෙ බැංකු ගිණුමට ගෙනවා ගන්න පුළුවන්.

ප්‍රථමයෙන් payza ගිණුමක් ආරම්භ කරන ආකාරය ගැන විමසා බලමු.
මෙතනින් click කරන්න
මෙහිදී අප අළුතින්ම ගිණුමක් ආරම්භ කිරීම අවශ්‍ය නිසා Sign up now මත Click කරන්න. එවිට පහත ආකාරයට පිටුවක් ආරම්භ වේ

දැන් Select Your Country යන ස්ථානයේ Sri lanka යනුවෙන් සදහන් කර Personal pro යන ස්ථානයේ ඇති Select මත click කරන්න.
ඉන්පසුව ඔබට ලැබෙන්නේ ඔබගේ පෞද්ගලික තොරතුරු ඇතුලත් කිරීමට ඇති පිටුවයි.. මෙහිදී ඔබගේ තොරතුරු ඉතා නිවැරදිව සටහන් කළ යුතුය.

මෙය නිවැරදිව පුරවන්න. මෙහි
Region : ඔබ ජීවත්වන පළාත
Postal code : ඔබේ නගරයේ තැපැල් අංකය
මෙහිදි ඔබේ නම, ලිපිනය නිවැරදිවම පිරවීමට සැලකිලිමත් වන්න.
මෙය සම්පූර්ණයෙන්ම පුරවා Next Step මත click කරන්න. ඉන්සුව ඔබට ලැබෙන Step 2 යන අවස්ථාවයි. මෙය ඉතා වැදගත් පියවරක් වන අතර මෙහි ඔබ සදහන් කරන තොරතුරු ඉදිරියෙදී අත්‍යවශ්‍ය වන නිසා හොදින් මතක තබා ගත යුතුය. නැතහොත් සටහන් කර තබා ගැනීම සුදුසුය.
එහිදි පහත ආකරයට තොරතුරු ඇතුළත් කරන්න. E-mail address: ඔබ භාවිත කරන ඊමේල් ලිපිනය. ගිණුම තහවුරු කිරීමට මෙය වැදගත් වන බැවින් නිවැරදිවම ඇතුළත් කරන්න.
Password: මතක තබාගතහැකි මුරපදයක්
Transaction pin: ගණුදෙනුවක් සිදු කිරීමේදී අවශ්‍ය වන රහස් අංකයයි. මතක තබාගතහැකි ඉලක්කම් 4ක අංකයක්
Security question: Answer: Third party information යන්න No ලෙස ලබාදෙන්න.
Word verification: රූපයේ ඇති අකුරු හෝ ඉලක්කම් නිවැරදිව සටහන් කරන්න
final step මත ක්ලික් කරන්න.

එවිට ඔබගේ ගිණුම තහවුරු කිරීම සඳහා ඔබගේ ඊමේල් ලිපිනයට පණිවුඩයක් එවා ඇතිබව දැක්වේ. දැන් ඔබ විසින් ලබාදුන් ඊමේල් ගිණුමට ලොග් වී Payza විසින් එවන ලද ඊමේල් පණිවුඩයේ ඇති link එක මත ක්ලික් කරන්න. නැතහෝත් එය copy කර address bar මත paste කර enter කරන්න. එවිට විවෘත්ත වන්නේ Payza Log in window එකයි. user name ලෙස ඔබ ලබාදුන් e-mail ලිපිනයත් password එකත් ඇතුල් කර Payza ගිණුමට ඇතුළු විය හැක.








0 comments:
Post a Comment