අපි කවුරුත් අහල තියෙන දෙයක් තමයිනෙ වෙබ් අඩවි වල දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයන්න පලූවන් කියන එක . ඒවාට කියන්නේ Paid To Click (PTC) වෙබ් අඩවි කියල. මෙම ගනයේ වෙබ් අඩවි ඕන තරම් තියෙනව. එම වෙබ් වල අප ලියාපදිංචි වුනහම ඔවුන් අපට දිනපතා දැන්වීම් කිහිපයක් නැරඹීමට අවස්ථාව උදාකරලා දෙනවා . ඒවා තත්පර 30 ක් හෝ විනාඩි 1ක් පමණ නැරඹීය යුතු වෙනව. ඉතින් අපි එය බැලුව වෙනුවට යම්කිසි මුදලක් අප ගිණුමට ඔවුන් එකතු කරනව. එම මුදල එතරම් ලොකු ගාණක් නොවෙන්න පුලුවන්. ඒත් එය මාසයක් විතර කරගෙන යනකොට තරමක් දුරට හොඳ මුදලක් වෙනව. මෙම PTC ගනයේ වෙබි අඩවි කිහිපයකින්ම මෙලෙසින් සල්ලි එකතු වෙනකොට නම් තත්වය තවත් හොදයි .
හැබයි මේ ආකාරයේ හැම වෙබි අඩවියකින්මත් අපට මුදල් ගෙවන්නෙත් නෑ. ඉතින් ඔබ ptc site වලින් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවනම් තියෙන හැම ptc site එකකම register වෙන්න යන්නත් එපා. මෙකද ඒකෙන් වෙන්නේ අපගේ කාලය කා දැමිම විතරයි. බෙහොමයක් වාගේ අපගෙන් වැඩේ කරගෙන අපට මුදල් නොගෙවන චංචනික ඒවා. සමහරකින් ලංකාවට මුදල් ගෙවන්නෙත් නෑ. ඉතින් මුදල් හරියටම ගෙවන සයිට් තියෙන්නේ ඉතාම සුලු ප‍්‍රමාණයක් තමයි. එවැනි මුදල් ගෙවන හොද වෙබි අඩවි කිහිපයක් හොයාගන්න ඕනි .
මේ PTC sites වලට විවිධ ආයතන වලින් හා පුද්ගලයන්ගෙන් දැන්වීම් ලැබෙනවා.එම දැන්වීම් පලකිරීම සදහා ඔවුන්ට මුදල් ලැබෙනවා.එම මුදල් වලින් කොටසක් දැන්වීම් බලන අපටත් ගෙවනවා.අන්න ඒ විදියට තමයි අපෙ අතට සල්ලි ලැබෙන්නෙ තවත් සරලව කිවුවොත් වෙළෙද දැන්වීම් ප්‍රචාරය කරන්නන් සහ ඒවා නරඹන්නන් එකට සම්බන්ධ කිරීමයි. යම් පුද්ගලයෙකුට ඔහුගේ දැන්වීමක් PTC site එකක ප්‍රචාරය කරගැනීමට අවශ්‍ය නම් එක click එකක් සදහා Rs.2.50 ක් බැගින් අදාල PTC site එකට ගෙවන්නට ඕන. ඒ කියන්නේ තමන්ගේ දැන්වීමක් එක් පුද්ගලයෙකුට පෙන්වීම වෙනුවෙන් Rs.2.50 ක මුදලක් ඔහු එම PTC site එකට ගෙවනවා. ඉතිo PTC sites මේ Rs.2.50 න් Rs.1 ක මුදලක් අපිට ගෙවනවා එක Ads එකක් නරඹනවාට. ඔබ එක් දැන්වීමක් නැරඹීමේදී ඔබට Rs.1 කුත් PTC site එකට Rs.1.50 කුත් ලැබෙනවා. බලන්න මේක කොයිතරම් නම් ප්‍රායෝගිකද කියලා. මේකෙන් කිසිම කෙනෙක් පාඩු ලබන්නේ නැහැ. සියලුම දෙනාගේ අරමුණු ඉටු වෙනවා.
මතක තියා ගන්න එක Internet connection \ එක computor එකකින් සැදිය හැක්කෙ එක site එකක එක Account එකක් පමණි.
හොදයි විස්වාසවන්ත සයිට් මම ඔයාලට දෙන්නම් බය නැතිව එවගෙ රෙගිස්ටෙර් වෙලා වැඩේ කරගෙන යන්නකො
ලෝකයේ ඇති බොහෝ PTC Sites අතරින් 99 % ක්ම ව්‍යාජ වෙබ් අඩවි බව. ඔබ එම ව්‍යාජ වෙබ් අඩවි වල කොපමණ කාලයක් දැන්වීම් නැරඹුවත් ඔබට කිසි දිනක මුදල් ගෙවන්නේ නැහැ. ඔබ හොදින් මතක තබා ගතයුතුයි එක Ads එකකට Rs.2 කට වඩා Pay කරන PTC Sites ඔක්කොම ව්‍යාජ Sites . නමුත් අප රටේ බොහෝ දෙනෙකු ඉක්මනින් පෝසත් වීමට සිතා එක Ads එකකට Rs.100, Rs.500, Rs.1000 වැනි ලොකු මුදලක් ගෙවන Sites වල Ads බලනවා. නමුත් එවැනි කිසිදු PTC Sites එකක් ඔබට කිසිසේත්ම මුදල් ගෙවන්නේ නැහැ. Rich PTC, Grand PTC, Buxinc, Ten Dollar Clicks, Biz PTC ,Neo Dollar,PTC Wallet මෙවැනි ව්‍යාජ PTC Sites කිහිපයක්.
පහත දැක්වෙන්නේ මේ වන විට තම සාමාජිකයින්ට දැන්වීම් නැරඹීම වෙනුවෙන් මුදල් නොගෙවන ව්‍යාජ PTC Sites ලැයිස්තුවයි. අප විසින් මෙම ලැයිස්තුව දිනපතා අලුත් (Update) කරනවා. මේ වන විට මුදල් ගෙවන PTC Sites එකක් යම් හෙයකින් මුදල් ගෙවීම නතර කල සැනින් අප එම PTC Sites එක මෙම ලැයිස්තුවට ඇතුලු කරනවා. එම නිසා ඔබ දිනපතා මෙම ලැයිස්තුව අධ්‍යයනය කරන්න. ඔබ දන්නා තවත් ව්‍යාජ PTC Sites තිබේනම් අප වෙත එවන්න.
0 comments:
Post a Comment